මම ඉස්සෙල්ලා පොස්ට් එකෙන් කියලා දුන්නානේ බ්ලොග් එකක් හදන හැටි.මම අද ඒකේ දෙවැනි කොටස කියලා දෙන්නම්.අද මම කියලා දෙන්නේ බ්ලොග් එකකට අලුත් Template එකක් ඇඩ් කරන හැටි.:P එකටම මම අර දුන්න හොඳ සයිට් එකට පහලින් ගිහින් ඔයාට සුදුසු හොදයි කියලා හිතෙන Template එකක් තෝරගෙන බාගන්න.ඒක ඩවුන්ලෝඩ් වෙන්නේ Zip File එකක් විදියට.ඊට පස්සේ ඒක Extract කරගන්න.
දැන් ඔයා මෙහෙම කරන්න.Blogger----Dashboard-----Template යන්න එතකොට මේ වගේ පින්තූරයක්නේ එන්නේ?ඒකෙන් අර උඩ තියන Backup/Restore කියන එක ඔබන්න මේ වගේ.
දැන් මේ වගේ එකක් එයි.ඒකේ Choose File කියන එක ඔබන්න.
දැන් අර ඔයා බාගෙන Extract කරපු එක තෝරලා Open දෙන්න.
දැන් Upload කියන එක ඔබන්න.දැන් වැඩේ හරි.
ඔන්න ඊට පස්සේ ඕක ඔයාට ඕනි විදියට හදාගෙන එඩිට් කරගෙන ඉතින් පොස්ට් දාන්න පටන් ගන්න.මම ඊලඟ ලිපියෙන් කියලා දෙන්නම් ගැජට් එකතු කරන හැටි එහෙම.එහෙනම් හොඳට වැඩේ කරන්න.මොකක් හරි ප්රශ්නයක් උනොත් එහෙම කමෙන්ට් එකක් දාන්න.එතකොට මම පුලුවන්නම් උදව් කරන්නම්.මේ ඔයාලාට වෙන මොනවා හරි මේ දේවල් ගැන ප්රශ්න තිබෙනවානම් ඒවා විසදගන්න එන්න අදම අපේ ෆෝරමයට එකතු වන්න.එහෙනම් මම ගියා.ජයෙන් ජය!!!
උඩ ලින්ක් එක වැඩ නෑ කොල්ලෝ..ඒක හදන්න
ReplyDeleteLinks Updated
Delete