ඉතින් යාලුවනේ කොහොමද? මම අදත් ආවා ඉතින් A/L තොරතුරු තාක්ෂණය කරන අයට උදව්වක් ලෙස මම මේ දෙන පාඩම් මාලාවේ 3 වන කොටස අරන්.අද මම කියලා දෙන්නේ පරිගණක පරම්පරා ගැන.1 වන ලිපියේ මම දුන්නේ උදාහරණ විතරයිනේ ඔන්න මම අද ආවා ඒ පරම්පර ගැන,ඒවායේ ලක්ෂණ ගැන විස්තරයක්.ඔයාලා දැනටමත් දන්නවානේ පරිගණක ඉතිහාසයේ,පරිගණක කොටස් පහක් යටතේ තියෙන්නේ කියලා.ආ මම ඉස්සෙල්ලා දුන්න පාඩම් දෙක නොබලපු අය පහලින් යන්න ගිහින් ඒවත් බලලම එන්න එතකොට ඔයාට හොඳට මේ ගැන අදහසක් ගන්න පුලුවන්.
ඔන්න එහෙනම් අපි දැන් වැඩේ පටන් ගමු යාලු.
- පරිගණක,ඒවා නිපදවීමට යොදාගත් තාක්ෂණය අනුව වර්ගකරනු ලබයි.
- i වන පරම්පරාව.(1940-1950)
පරිපථ සඳහා රික්තක නළ (වැකුම් ටියුබ්) භාවිතා විය.පරිගණක අති විශාල වූ අතර කාමරයක තරම් ඉඩ ප්‍රමානයක් අවශ්‍ය විය.මිලෙන් ඉතා අධ්ක විය.විදුලිය වැඩි ප්‍රමාණයක් වැය විය.අධික තාපයක් ජනනය විය.දෝෂ සහිත විය.යන්ත්‍ර භාෂාව (Machine Language) මත ක්‍රියාකාරීත්වය පදනම් විය.වරකට ව්සදිය හැකි වූයේ එක ගැටලුවක් විය.ආදානය(Input) සිදුරු කාඩ්පත්(Punch Card) හා කඩදාසි මත පදනම් වූ අතර ප්‍රතිදානය(Output) මුද්‍රිත මත සංදර්ශනය විය.UNIVAC හා ENIAC නිදසුන් ලෙස දැක්විය හැකිය.(පරිඝණක)
2.ii වන පරම්පරාව.(1950-1960)
පරිපථ සඳහා ට්‍රාන්ස්සිස්ටර් භාවිතා විය.එම නිසා පරිගණක වඩාත් කුඩා ඉක්මන් ලාභ හා මුල් පරම්පරාවට වඩා කාර්යක්ෂම හා විශ්වාසදායි විය.ආදානය(Input) සිදුරු කාඩ්පත් මගින්ද ප්‍රතිදානය(Output) මුද්‍රිත වලින්ද විය.Assembly භාෂාව භාවිත විය.COBOLT හා FORTRAN භාෂා (ක්‍රමලේඛ) සංවර්ධනයට ලක් විය.
IBM-1401/1402 නිදසුන් ලෙස දැක්විය හැකිය.(පරිඝණක)
3.iii වන පරම්පරාව.(1960-1970)
පරිපථ නිර්මාණය සඳහා අනුකලිත පරිපථ (Integrated Circuit)-IC භාවිතා විය.යතුරු පුවරුව (Keyboard)හා පරිඝනක තිරය (Monitor) භාවිතය ආරම්භ විය.මෙහෙයුම් පද්ධතියක් (OS) භාවිතය ආරම්භ විය.
IBM SYSTEM/360 නිදසුන් ලෙස දැක් විය හැක.(පරිඝණක)
4.iv වන පරම්පරාව.(1970 න් පසු)
වර්තමානයේ පරිඝණක මේ යටතට ගැනේ.පරිපථ සඳහා අධික මහා ප්‍රමාණයේ අනුකලිත පරිපථ (VLSC) හා ක්ෂූද්‍ර සකසන(Micro Processor) භාවිතා විය.අත්ල මත තැබිය හැකි පරිඝණක බිහි විය.1981 දී IBM පලමු පරිගණකය ගෘහ පරිශීලකයන්ට හදුන්වා දෙන ලදී.පරිගණක ජාල ගත කිරීමද ආරම්භ විය.මූසික(Mouse) හා GUI-Graphical User Interface (චිත්‍රක පරිශීලක අතුරු මුහුනත) හදුන්වා දීම.අන්තර්ජාලය භාවිතයද පුළුල් විය.IBM PC LISA APPLE නිදසුන් වේ.(පරිඝණක)
5. v වන පරම්පරාව.
වර්තමානයේ හා ඉන් ඔබ්බට මෙම පරම්පරාව අයත් වේ.සමාන්තර සැකසුම හා සුපිරි සන්නායක භාවිතය.නැනෝ තාක්ෂණය භාවිතයෙන් පරිගණක වල විප්ලවීය වෙනසක් එති කරනු ඇත.කෘතිම බුද්ධ්යෙන් ක්‍රියාකරන පරිගණක නිපදවීමට අපේක්ෂා කරයි.
ඔන්න යාලු මම ඔන්න කෙටි සටහන දුන්නා.මතක ඇතුව හොඳ/නරක/ගුණ/අගුණ කියන්න.එතකොට තමා මේ වගේ වැඩ තවත් කරන්න පුලුවන්.කමෙන්ට් එකක් දාලත් යන්න මේ වගේ වැදගත් පොස්ට් එකක් දුන්නට.එහෙමනම් මම ගියා.
No comments:
Post a Comment