Sunday, November 1, 2015

බ්ලොග් එකට ගැජට් ටිකක් දාලා ලස්සන කරගමු...


ඉතින් යාලුවනේ කොහොමද? අද මම ආවේ  බ්ලොග් පාඩමේ 3 වන කොටස අරන් ආවා.අද මම කියලා දෙන්නම් බ්ලොග් එකට පොඩි ගැජට් ටිකක් දාලා ලස්සන කරලා ගන්න හැටි.මම හිතනවා ඔයගොල්ලො  මම ඉස්සෙල්ලා කියලා දුන්න පාඩම් බලලා එහෙම හොඳ අවබෝධයක් අරන්ම මේක කියවන්න ඒවා කියෙව්වේ නැතිනම් පහළින් යන්න්කු.



 ඔන්න දැන් ඒ ටික බලා ලොකු අවබෝධයක් ගන්න ඇති කියලා මම හිතනවා.දැන් අපි අද පාඩමට බහිමු.මම අද බ්ලොග් එකට වැදගත් එන ගැජට් ටික එක අ පහලින් දාන්නම්.මේ ඔක්කොම දාන්න ඕනි මේ විදියට.Dashboard-----Layout------Add a Gadget.

01.Total Page views 

මෙන්න මේ වගේ Counter එකක් දාන්න Dashboard-----Layout------Add a Gadget. ගිහින් එන මෙනු එකෙන් මෙන්න මේක තෝරන්න.


ඔය තියන තැන ඕක තෝරලා ඔය + ලකුන තියන තැන ක්ලික් කරන්න.එතකොට පහල වගේ එකක් එයි.



ඔතනින් ඔයාට කැමති විදියට එකක් තෝරලා කරන්න ඕනි වෙනස්කම් කරගෙන Save දෙන්න.දැන් View Blog දෙන්න.දැන් බලන්න බ්ලොග් එකේ.ඒක වැටිලා ඇති.


02.Flag Counter

මෙන්න මේ වගේ එකක් තමයි ඔය.රට රටවලින් ආපු අය කොඩියත් එක්ක සටහන් වෙලා තියනවා මේ විදියට.

මෙන්න මෙතනින් යන්න දැන් ඔයාට ඕනි වෙනස්කම් කරගෙන මේක ඔබන්න.


දැන් එන Java Script එක කොපි කරගෙන Dashboard-----Layout------Add a Gadget. ගිහින් එන එකෙන් මේක තෝරලා ඒක පේස්ට් කරලා සේව් කරන්න.


දැන් ගිහින් බලන්නකු ලස්සනට ඒක ඇති.

03.Revole Map

ඔය කියන්නේ මෙන්න මේ වගේ එකක්.ලෝකේ වටේ මේ වෙලාවේ අපේ බ්ලොග් එක බලන අය බලන්න පුලුවන්.


වැඩි දෙයක් නෑ මෙතනින් ගිහින් අර ඉස්සෙලා වගේම කෝඩ් එක අරන් කොපි කරලා පේස්ට් කරගෙන සේව් කරන්න.දැන් බලන්නකු බ්ලොග් එකට ගිහින් ලස්සනට කැරකි කැරකි තියෙයි.

එහෙනම් මේ වගේම තව බ්ලොග් එකට ගැජට් ටිකක් අරන් මම එන්නම් තව දවසක.එහෙනම් මම ගියා.මේ දේ වැදගත් උනානම් කමෙන්ට් එකක් දාලා යන්නකු.ඔබට ජය.මොකක් හරි ප්‍රශ්නයක් තිබ්බොත් කමෙන්ට් එකක් දාන්න.නැත්නම් Email එකක් දාන්නකු.


හැකින් ගැන දැනගන්න ඕනිනම් අදම එකතුවෙන්න මරන්දන්කඩවල යකඩයාව හම්බවෙන්න.ඒක තමයි අපේ ෆෝර්ම් එක ඒකටත් අදම එකතු වෙන්න.ඔයාට තිටන ඕනිම ගැටලුවක් විසදා ගන්න පුලුවන්.අදම එන්නකු එහෙනම්.



11 comments: