Saturday, December 12, 2015

E Money කරන අය සහ කරන්න ඉන්න අය මේක කියවන්න

හලෝ කොහොමද මගේ යාලුවනේ මම අද ආවා ඔයාලාට වැදගත් වෙයි කියලා හිතෙනවා කියල හිතපු දෙයක් ගැන මම දන්න මට්ටමෙන් පොඩ්ඩක් කියලා දෙන්න.O/L Exam ඉවර උන ගමන් ඉතින් නන්ගිලා මල්ලිලාට Laptop/Desktop එකයි Dongle ගෙනත් දෙනවනේ....ඊට පස්සේ ඉතින් මේ පැත්තට එනවනේ...ඔව් ඔව් මට මේ ලැප් එකත් හම්බවුනේ එහෙම තමයි.. 

හරි.මගේ මාතෘකාව තමයි E money.ඇත්තටම මේ E money කියන්නෙ මොකක්ද? ඇත්තටම මේ E money කියන එකේ තේරුම තමයි අන්ත්ර්ජාල මුදල් කියින එකනේ...O/L Exam ඉවර වෙලා ඉතින් මල්ලිලා නන්ගිලා අන්තර්ජාලයට පිවිසෙනවා.ඉතින් ගොඩක් අයට මේ ගැන හොඳ දැනුමක් තියනවා.ඉතින් සමහරුන්ට මේ ගැන එච්චර වැටහීමක් නෑ...ඔන්න ඉතින් ඔහොම වෙබ් එකේ කරක් ගගහා ඉන්නකොට කොහේ හරි තියන මොකක් හරි E money ප්‍රචාරක දැන්වීමක් හරි මොකක් හරි දකිනවා.ඉතින් මේකේ තියනවා කරන්න ඕනි දේවල් එහෙම ඉතින් ඒ ගැන පොඩි හරි ආසාවක් ඇතිවෙනවා මටත් එහෙම උනා...ඔන්න ඉතින් දැන් ඔයා ඒ දැන්වීම දැකලා මේ ගැන පොඩ්ඩක් ගූගල් දෙයියාගෙනුත් අහලා බලනවා ඉතින් ඔන්න ඔයාට හම්බ වෙනවා සිංහලෙන්ම මේ ඔක්කොම ලියපු ලිපියක් ඒකේ ඔක්කෝම විස්තර අග ඉදන් මුලටම අකුරක් නෑරම තියනවා...ඉතින් මේකේ කියලා තියන දේවල් හන්දා ඔයාටත් ආසාවක් ඇති වෙනවා.ඒ ලිපියේ එයාට සල්ලි ලැබුණා කියලා ඔප්පු කරලාත් තියනවා.ඉතින් තව වෙන ඔන කතාද කියලා රෙගිස්ටර් වෙනවා.මම කියන්නේ නෑ ඒක හොඳ නැති වැඩක් කියලා..ඒක ඇත්තටම හොඳයි E money කියන්නේ අපිට ගෙදර ඉඳන් හොඳ ගානක් හම්බ කරන්න පුලුවන් හොඳ ක්‍රමයක්.ඒත් අපේ රටේ අයගේ තියන එක දුර්වල කමක් තමයි මේ ගැන හරි ආකාරයෙන් දැනුවත් වෙලා මේ දේ නොකරන එක.ඇත්තටම මට මේ පොස්ට් එක දාන්න තිබ්බේ මීට ගොඩාක් කලින්..ම්ම් ඒත් කමක් නෑ දිගටම කියවමු.

හොඳට මතක තියාගන්න E money කරන්න බලාපොරොත්තුවක් තියනවානම් ඔයාට ඔක්කොටම ඉස්සෙලා මේ ටික සම්පූර්ණ කරගෙන ඉන්න.පරිගනකයක් හෝ ටැබ් එකක්,අන්තර්ජාල සබඳතාවයක්,පේපෑල්/පායසා....අන්ත්ර්ජාල බැංකු ගිණුමක් (Verify කරපු),වීසා මාස්ටර්....ඩෙබිඩ් කාඩ් පතක්(සල්ලි තියෙන)සහ අනෙකුත් පහසුකම්...ඊට පස්සේ ඔයාලාට පුලුවන් මේ වැඩේ පටන් ගන්න...ඔය මම කිව්ව අත්‍යවශ්‍ය දේවල් ටිකක්..

අපි PTC Site ගැන පොඩ්ඩක් කතා කරමු.මේ PTC Site කියන්නේ Paid To Click කියන එකනේ..ඉතින් අපි මේ සයිට් එකකින් දෙන ඇඩ් ටිකක් ක්ලික් කරන්න තියෙන්නේ.ඇත්තටම මේකට අපිට දවසකට අඩුම විනාඩි 15 විතර තමයි යන්නේ...හරි ලේසී වැඩේ ඒත් ඉතින් දවසකට උපරිම ඉතින් තමන් ක්ලික් කරන එවලින් උපයන්න පුලුවන් $0.1 හරි හිතලා බලන්න දවසට 0.1$ ගානේ මාසයක් ක්ලික් කලොත් $3 ලැබෙනවා.මාසෙටම $3 ඇතිද? බාගදා ඒ ඇඩ් ටික ක්ලික් කරන්න ගිය ඩේටා ප්‍රමාණයට (මුදල්),ඔයාගේ වටිනා කාලයට සරිලනවාද? අනික ගොඩක් ඒවා වල අඩුම $5 තියෙන්න ඕනි තමන්ගේ ගිණුමට මුදල් හුවමාරු කරගන්න..ඒක හන්දා තමයි ඔයා ඔයාගේ එකවුන්ට් එක Upgrade කරන්න ඕනී.එතකොට ඔයාගේ ආදායම ඩබල් වෙනවා.ඒත් ඉතින් ඔයා කියයි $6ක් නේ මාසෙටම කියලා? ඇත්තටම ඒකත් මදි එක හන්දා ඔයා Ref ලා 100ක් 200ක් ඉක්මනටම හොයාගන්න ඕනී.එතකොට ඉතින් ඔයාට මාසෙකට 100$ 200$ හොයාගන්න පුලුවන් දවසකට විනාඩි 15 ගානේ මාසයකින් විතර එක සයිට් එකකින්.ගොඩක් අය කරන්නේ එකම එක සයිට් එකක් විතරක් නෙමේ.අඩුම සයිට් 5ක 6කවත් රෙගිස්ටර් වෙලා තමයි ඔය වැඩේ කරන්නෙ.ඉතින් ඔයාට තේරෙනවනේ මේකත් එක්තරා ආකාරයක ආයෝජනයක් කියලා.මේකෙන් අපිට ගොඩක් ලාභ වගේම පාඩු ලබන්න පුලුවන්.පාඩු වෙනවනම් ඉතින් වෙන්න තියන හොඳම ක්‍රමේ තමයි ඒ සයිට් එක Scam වීම.ඉතින් එහෙම උනොත් ඔයාගේ කාලයයි මුදලුයි ගොඩාක් නාස්ති වෙනවා.ඉතින් ඒක හන්දා මේ දේවල් ගැන ගොඩක් අයගෙන් අහලා අදහස් මත විමසලා ෆෝර්ම්ස් වලින්..ආ ෆෝර්ම්ස් කියනකොට මතක් උනේ මෙන්න තියනවා ඔයාට ගොඩාක් දේවල් ගැන තොරතුරු හුවමාරුකරගන්න පුලුවන් හොඳ ෆෝර්ම්ස් ටිකක්.පහලින් යන්නකෝ.


මේ සයිට් වල ඔයාත් අදම රෙගිස්ටර් වෙන්න ඔයාලටත් මේ දේවල් ගැන දැනුවත් වෙලා කරන දේකට අතගහන්න..ඇත්තටම ගොඩක් අය කියනවා PTC SITE වලින් සල්ලි හම්බකරන්න බෑ කියලා..නෑ එහෙම නෑ ඒවයින් සල්ලි හම්බකරන්න පුලුවන්.හැබැයි ඊට වඩා හොඳ ක්‍රම තියනවා.මම ඒව ගැනත් ඉදිරියට කියලා දෙන්නම්.

දැන් අපි Link Shorten සයිට් ගැන පොඩ්ඩක් කතා කරමු.මේකත් හොඳ මාර්ගයක් සල්ලි ආකරයක්.ඒත් අපේ ලංකාවේ වගේ රටවල් වල අය මේවලින් තත්පර 5ක් ඉදලා Original Link එකට ගියාට අපිට ලොකු ගානක් හම්බවෙන්නේ නෑ ඉතින්.කරනවානම් ඉතින් අපිට English සයිට් එකක් කරලා සුද්දෝ ලවා මේ ලින්ක් ක්ලික් කරවලා ඉතින් හොඳ ගානක් හොයන්න පුලුවන්.තව ඉතින් බොට් වගේ දේවල් පාවිච්චි කරලා එකටම සතුටු වෙලා පස්සේ විදවන්න එහෙම පුලුවන්..

ඉතින් මීට වඩා හොඳ ක්‍රම නැද්ද E money කරන්න කියලා කවුරුහරි මගෙන් අහයි.ඔව් තියනවා.ඒවාටත් අපි ආයෝජනයක් කරලා තමයි වැඩ පටන් ගන්න වෙන්නේ...Fiverr,Gigbucks,Adsene,Odesk වගේ දේවල් කරලානම් අපිට හොඳ ගන්නක් හොයන්න පුලුවන්.

ඔන්න මම පොයින්ට් එකට ආවා.E money කරන එකේ ඔයාගේ ප්‍රධානම දේ තමයි සල්ලි හොයන එක නේද? ඒක හොඳයි.ඒත් මේ ගැනත් හිතන්න.ඔයාට හොඳට දුරදිග බලලා තීරණ ගන්න පුලුවන් හොඳ ණුවනක් තියෙන කෙනෙක් වෙන්න. හොඳට ඉවසීමෙන් වැඩ කරන්න.ගොඩාක් අයගේ අදහස් මත විමසන්න.ඊට පස්සේ හොඳ තීරණයක් අරන් හොඳට වැඩ කරගෙන යන්න.උත්සහය ඇතුව අපිට කිසිම දෙයක් කරන්නනම් බෑ ඉතින්.ඔන්න මමත් මට හිතුන දේවල්,අත්දැකීම් එක්ක මේ ටික කිව්වා...මගෙන් මොනාහරි අඩුපාඩුවක් උනානම් කමෙන්ට් එකකින් කියන්න.ඔයාට මොනාහරි ප්‍රශ්න තියනවානම් මගෙන් අහන්න මමත් දන්න දෙයක්නම් මම කියලා දෙන්නම්.විශේෂයෙන්ම මම මේ ටික කිව්වේ හෙට අනිද්දා O/l Exam කරලා මේ පැත්තට එන නන්ගිලා මල්ලිලාට.ඒ වගේම E money කරන්න ඉන්න අයටත්.සමාව ඉල්ලනවා මට මේක මුලින්ම දාන්න බැරි උන එක ගැන.එහෙනම් අලුත්ම ලිපියකින් නැවත හම්බෙමු.දිගටම අපිත් එක්ක ඉන්න.එහෙනම් මම ගියා.ඔබට ජය....

වෙබ්සයිට් එක හරි බ්ලොග්සයිට් එක හරි SEO-Search Engine Optimize(ගූගල් හෝ වෙනත් සෙවුම් යන්ත්‍රයක හොඳම Result අතරට ඔබේ වෙබ් එක ගෙන ඒමට) කරන හැටි මුල ඉදන්ම අකුරෙන් අකුර දැනගන්න පහලින් යන්න.


2 comments:

  1. Get daily ideas and methods for generating $1,000s per day ONLINE totally FREE.
    JOIN TODAY

    ReplyDelete
  2. Did you know you can create short links with Shortest and receive cash for every click on your shortened links.

    ReplyDelete