මගේ සහෝලට එකටම සුභ උදෑසනක් වෙන්න කියලා කියනවා...අද දවස හොදින් ගතකරන්න ලැබේවායි පතනවා....ඉතින් කොහෙමද? මමනම් හොඳින්.පෝස්ට් දාන එක පරක්කු උනේ මේ දවස් වල වාර විභාගෙනේ...ඒකයි..කමක් නැහැ.මම කොහොම හරි පෝස්ට් එකක් දැම්මානේ...අද මම කියලා දෙන්න යන්නේ ඔයාගේ සයිට් එකට Free Domain නමක් ගන්න හැටි.සාමාන්‍යයෙන් Domain නමක් අපි සල්ලි දීලා තමයි ගන්න ඕනි.හැබැයි ඉතින් මන් ගානේ(මම කිව්වට ඉතින් ඒ සයිට් එක ගානේ :P) මම මාස 12ක කාලයක් හෝ ඊට අඩු කාලයක් මේ Domain නම පාවිච්චි කරන්න පුලුවන් විදියට හදන්න තමයි මම කියලා දෙන්නේ...මාස 12 ඉවර වුනාම ඔයාට ඒක තව දුරටත් තියගන්න ඕනිනම් සල්ලි දීලා ගන්න ඕනි.මේ නැත්නම් වෙන නමකට මාරු වෙන්නත් පුලුවන්...මේ ඉස්සෙල්ලාම කියන්න ඕනි මේක ටිකක් දිග පෝස්ට් එකක්.ඒක හන්දා අවධානයෙන් කියවන්න ඕනි.
හරි එකටම මම පහළින් දෙන සයිට් එකට යන්නකු....
දැන් ඔයා ඔයාගේ Blogger Account එකටත් ලොග් වෙලා Settings වලට යන්න.ඒකේ Basic කියන එකේ ඇති මෙහෙම එකක්...
ඒක ක්ලික් කරලා එහෙම්මම තියාගන්න.දැන් අර සයිට් එකට ගිහින් ඔයාගේ සයිට් එකට දාන නම ගහලා Check Availability කියන එක ක්ලික් කරන්න මේ වගේ...
ඊට පස්සේ මේ වගේ එයි ඔයාට ගන්න පුලුවන් Domain නම් ටික.එවලින් කැමති එකක් තෝරගන්න...ඊට පස්සේ Get It Now ඔබන්න.
මමනම් ගත්තේ .tk ඒක පොඩ්ඩක් හොඳ එකක් ඒකයි.දැන් Get It Now එබුවට පස්සේ මෙහෙම එකක් එයි.මේකේ Checkout ඔබන්න.
ඊට පස්සේ එන එකේ Period කියන එකේ තමන්ට කැමති කාලයක් දාලා Continue ඔබන්න.
අම්මෝ අත රිදෙනවා හලෝ..මම කියන්නම්...මට වීඩියෝ එකක් හම්බ උනා ඒක බලන්න ඒකේ මුල ඉඳන් ගොඩක් පැහැදිලිව තියනවා.ඒක කරපු කෙනාට අපි ගොඩක් ස්තුතිවන්ත වෙන්න ඕනි.....ඒක හන්දා පහළ තියනවා ඒක බලන්නකෝ.....
මේක Download කරගන්න පහලින් යන්න....
එහෙනම් මම ගියා...ඊළග පෝස්ට් එකෙන් සෙට් වෙමු ඔබට ජය!!!!
0 comments:
Post a Comment