මාත් දැනගත්ත ගමන් තමයි මේක මේ ටයිප් කරන්නේ. මෙහෙමයි මේ දවස් වල පොඩි Spam එකක් Facebook එක පුරා යනවා. ඒක වෙන්නේ මෙහෙමයි. මන් මේ පහළ දාලා තියනව වගේ ලින්ක් එකක් ඔයාව ටෑග් කරලා , මැසේජ් එකකින් , ඔයාගේ ටයිම් ලයින් එකට පොස්ට් කරලා , ගෘප් , වල උනත් තියෙන්න පුළුවන්.
ඉතින් ගොඩක් අයගේ නොදැනුවත්කම නිසා ඒ වගේම ගොඩක් වෙලාවට Sex Thumbinal එකක් තමයි දාලා තියෙන්නේ. ඉතින් අපි කුතුහලයට වගේ මේක ක්ලික් කරොත් අපි යනවා ෆේස්බුක් එක වගේම තවත් Siteඑකකට. මේකේ තියෙන්නේ වීඩියෝ එකක් . මේක ප්ලේ කරන්න බට්න් එක ක්ලික් කරාම වෙන්නේ එක එක ප්ලගින්ස් එනවා ඔයාට Install කරන්න. බැරිවෙලාවත් ඔයා මේවා ඉන්ස්ටෝල් කරොත් වෙන්නේ ඔයාගේ Facebook Account එක Hack වෙයි, ඒ වගේම මේ ප්ලගින් එකට පුළුවන් ඔයා යන ඕනෑම වෙබ් අඩවියක තියන දත්ත (ඔයාගේ බ්‍රව්සරේ තියන) කියවන්න සහ වෙනස් කරන්න.
ඉතින් ඒක නිසා කරුණාකරලා මේ වගේ ලින්ක් දැක්කොත් අනිවා රිපොර්ට් කරන්න. මේ වගේ ලින්ක් වලට යන්න එපා වැරදිලාවත් මේ වගේ ලින්ක් එකක් ක්ලික් වුණා නම් ඒ වෙලාවෙම ෆේස්බුක් පාස්වර්ඩ් එක වෙනස් කරලා බ්‍රව්සර් එකේ හිස්ටොරි කෑශ් ක්ලියර් කරන්න අනිවාරෙන්. අනිත් අයට දැනගන්න අනිවා ශෙයා කරන්න.











