මොනාද මේ Logic Gates කියන්නෙ? Chathuranga උසස් පෙළ තොරතුරු තාක්ෂණය 2 comments කාලෙකින් A/L I.C.T. කරන අයට පාඩමක් කියලා දෙන්නත් බැරි උනානේ...නේද යාලු? මුලින්ම සමාව ඉල්ලනවා දවස් ගානකින් පොස්ට් එකක් දාන්න බැරි උන එක ගැන....ඔන්න මම අද ඉතින් ගොඩක් අයට ප්‍රයෝජනවත් මේ Logic Gates පාඩම කියලා දෙන්න හිතුවේ....මමත් මට පුලුවන් උපරිමෙන් ඔයාලාට මේක කියලා දෙන්නම්...වැරදි අඩු පාඩු තිබ්බොත් අනේ ඒ දේ මට කියන්න.එහෙනම් පාඩම පටන් ගමු.. තර්ක ද්වාර-Logic Gates විදුලි බලය අවශ්‍ය ආකාරයට පාලනය කරමින් තාර්කික ප්‍රතිඵල ලබාදෙන අවයවයන් පොදුවේ තර්ක ද්වාර ලෙස හඳුන්වන්න පුලුවන්.මේවා සංඛ්‍යාංක තාර්කික පරිපථ නිර්මාණයේදී මූලික අවයවයක් ලෙසද යොදාගන්නවා.මෙම ද්වාර වල ක්‍රියාකාරිත්වය ප්‍රායෝගික ලෙස පරිපථ වලට එක් කිරීමට ට්‍රාන්සිස්ටර් වැනි ඉලෙක්ට්‍රොනික උපාංග හරහා තමයි සිදු කරන්නෙ... සත්‍යතා වගු-Truth Tables තර්ක ද්වාරයකට හෝ පරිපථයකට ලැබෙන ආදානයන්,ඒවායෙහි සංයෝජනයන් සහ ප්‍රතිදානයන් ක්‍රමානුකූලව නිරූපණය කෙරෙන වගු විශේෂය මෙනමින් හඳුන්වයි. මූලික තර්ක ද්වාර 4කි.ඒවා NOT,AND,OR,XOR ලෙස හැදින්විය හැක.සංයෝජිත තර්ක දිවාර 3කි.ඒවා NAND,NOR,XNOR ලෙස හැදින්විය හැක.මේවා පිලිවෙලින් AND,OR,XOR යන ද්වාර NOT දිවාරය සමග සංයෝජනය වී ගොඩනගා ඇත. මූලික තර්ක ද්වාර:- NOT තර්ක ද්වාරය ආදානයන් එකක් පමණක් ලබාගන්නා අතර එහි නැත අර්ථය ප්‍රතිදානය කිරීම සිදු කරයි. AND තර්ක ද්වාරය අදානයන් දෙකක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් ලබාගනී.ආදානයන් සියල්ල සත්‍ය නම් සත්‍ය ලෙසද අසත්‍ය නම් අසත්‍ය ලෙසද ප්‍රතිදානය ලබාදේ... OR තර්ක ද්වාරය ආදානයන් දෙකක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් ලබාගනී.එකක් හෝ සියල්ලම සත්‍ය නම් සත්‍ය ලෙසද නැතිනම් අසත්‍ය ලෙසද ප්‍රතිදානය ලබා දෙයි. XOR තර්ක ද්වාරය මෙම ද්වාරයේ විශේෂත්වයක් තියනවා.ඒ ආදානයන් සමාන වන විට ප්‍රතිදානයන් අසත්‍ය වීමත් ආදානයන් අසමාන වන විට ප්‍රතිදානයන් සත්‍ය වීමත්ය. සංයෝජිත තර්ක ද්වාර:- NAND තර්ක ද්වාරය AND ද්වාරය සහ NOT ද්වාරය සංයෝජනය වීමෙන් මෙය සෑදී ඇත.AND ද්වාරයේ ප්‍රතිදානයෙහි නැත අර්ථය ප්‍රතිදානය ලෙස මෙයින් ලබාදෙනවා. NOR තර්ක ද්වාරය OR ද්වාරය සහ NOT ද්වාරය එකිනෙක සංයෝජනය වෙලා තමයි මේක සෑදිලා තියෙන්නේ.OR දිවාරයේ නැත අර්තය තමයි මේකේ ප්‍රතිධානය වෙන්නේ. XNOR තර්ක ද්වාරය XOR ද්වාරය සහ NOT ද්වාරය එකිනෙක සංයෝජනය වෙලා තමයි මේක සෑදිලා තියෙන්නේ.XOR දිවාරයේ නැත අර්තය තමයි මේකේ ප්‍රතිධානය වෙන්නේ ඔන්න ඉතින් පාඩම නම් ඉවරයි...ම්ම්ම් මේක PDF එකක් විදියට බාගන්න ඕනිනම් පහලින් යන්න.මේක ඔයාලාට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා මම හිතනවා... එහෙනම් මම ගියා යාලුවනේ...අමතක නැතුව කමෙන්ට් එකක් දාලා යන්න...ඔබේ අදහස් අපිට ගොඩක් වටිනවා..එහෙනම් ඔබට ජය!!! ශෙයා කරන්න : Facebook Twitter Google+ Stumble Digg Email ThisBlogThis!Share to XShare to Facebook
Godak Hoda Lipiyak !! :D
ReplyDeleteස්තූතී සහෝ.....
Delete