ඔන්න යාලුවනේ මම අදත් ආවා පොරොන්දු උන විදියටම A/L I.C.T. කරන යාලුවන්ට උදව්වක් විදියට මම පොස්ට් වගයක් ලියන්න පටන් ගත්තනේ.ඔන්න අද එකේ දෙවනි පොස්ට් එක අද මම කියලා දෙන්න යන්නේ පරිගණක වල වර්ගීකරණය පාඩම.මේක ඕගොල්ලන්ගේ G.I.T. විශයටත් වැදගත් වෙනවා.එහෙමනම් අපි වැඩේ පටන් ගමු නේද?
වර්තමානයේ පරිගණකයේ වර්ගීකරණය ආකාර 3 යටතේ සාකච්ඡා කරනු ලබයි.
- භාවිත කරන තාක්ෂණය අනුව.(Technology)
- භාවිත කරන කාරණය අනුව.(Purpose)
- විෂාලත්වය හා හැකියාව අනුව.(Size)
භාවිත කරන තාක්ෂණය අනුව වර්ගීකරණය
- සංඛයාංක පරිගණක(අංකිත)-Digital Computers
- ප්‍රතිසම පරිගණක-Analog Computers
- දෙමුහුම් පරිගණක-Hybrid Computers
සංඛයාංක පරිගණක(අංකිත)-Digital Computers
- මෙහිදි විවික්ත ආකාරයේ තරංගයක් (1 හා 0) පමණක් ඇති වන අතර එවැනි ද්විමය දත්ත පද්ධතිය මත පමණක් ක්‍රියාත්මක වන පරිගණක එලෙස හඳුන්වනු ලබයි.
- උදා:-වර්තමානයේ අප භාවිතා කරන සියලුම පරිගනක.
- උෂ්ණත්වය,පීඩනය,වෝල්ටීයතාව,ප්‍රතිරෝධය වැනි සන්තතික රාශීන් මත ක්‍රියාත්මක වන හා සැකසීමට භාජනය වන පරිගණකයි.මේවාහි නිරවද්‍යතාවය හා වේගය මදක් අඩු අතර අංකිත පරිගනක වලට වඩා සාපේක්ෂව මිල අඩුය.
- උදා:-වෝල්ටීයතාව,භූ කම්පන,රුධිර පීඩනය මැනීම යනාදිය සඳහා ඇති පරිගනක.
දෙමුහුම් පරිගණක-Hybrid Computers
- සංඛයාංක හා ප්‍රතිසම යන මූලධර්ම දෙකම යොදාගෙන නිපදවන පරිගණක වේ.
- උදා:-රෝහල්වල I.C.U. හි ඇති හර්ද ස්ඵන්දනය,රුධිර පීඩනය මැනීම යනාදිය සඳහා ඇති පරිගනක.(මේවායෙහි ප්‍රතිසම කොටසින් අදාල මිනුම් ලබාගන්නා අතර සංඛයාංක කොටසින් පහසුවෙන් කියවිය හැකි අංකිත ආකාරයට පරිවර්තනය කරයි)
භාවිත කරන කාරණය අනුව වර්ගීකරණය
- විශේෂ කාර්යය පරිගණක:-විශේෂ වූ කාර්යයන් සඳහා භාවිත කරයි.(ගුවන්යානා ගමනාගමන පාලන පද්ධති)
- පොදු කාර්යය පරිගණක:-පොදු කාර්යයන් සඳහා භාවිත කරයි.(වර්තමානයේ භාවිත කරන සාමාන්‍ය පුද්ගල පරිගණක.)
විෂාලත්වය හා හැකියාව අනුව වර්ගීකරණය
- සුපිරි පරිගණක.(Super Computer)
- මහා පරිගණක.(Main Frame)
- මධ්‍ය පරිගණක.(Mini Computer)
- ක්ෂූද්‍ර පරිගණක.(Micro Computer)
- පුද්ගල පරිගණක.(PC)
- උකුල් පරිගණක.(Laptop)
- අත්ල පරිගණක.(Palmtop)
ඔන්න යාලුවනේ මම දුන්න කෙටි සටහන මෙතනින් ඉවර වෙනවා.එහෙනම් මම යනවා.මතක ඇතුව Comment එකක් දාලා යන්න.මට උදව්වක් විදියට පහල ඇඩ් එක ක්ලික් කරන්න පුලුවන්නම්.
0 comments:
Post a Comment