ඔයාලා දන්නවා පරිගණක තාක්ෂණයේ පරිනාමනයේ මූල බීජය ක්‍රි.පූ.3000 දී පමණ බැබිලෝනියානුවන් විසින් නිර්මාණය කරන ලද ඇබකසය වේ.තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය අධ්‍යනයේ පහසුව සඳහා අවධ් 4ක් යටතේ දක්වයි.
- පූර්ව යාන්ත්‍රික යුගය(ක්‍රි.ව.1450 ට පෙර යුගය)
- යාන්ත්‍රික යුගය(ක්‍රි.ව.1450-1840 දක්වා)
- විද්‍යුත් යාන්ත්‍රික යුගය(ක්‍රි.ව.1840-1940 දක්වා)
- විද්‍යුත් යුගය(ක්‍රි.ව.1940-වර්තමානය දක්වා)
ඇබකසය
යාන්ත්‍රික යුගය
- ක්‍රි.ව.1642 දී බ්ලේස් පැස්කල් ඇබකසයේ මූලික සංකල්ප හාවිතා කරමින් පැස්කලින් යන්ත්‍රය නිර්මාණය කරන ලදී.මෙමගින් එකතු කිරීම හා අඩු කිරීම පමණක් කල හැකි විය.
- ක්‍රි.ව.1674 දී ගොඩ්ෆීඩ් විල්හෙල්ම් පැස්කලින් යන්ත්‍රය වැඩි දියුණු කර ගුණ කිරීම හා බෙදීම කළ හැකි තත්ත්වයට දියුණු කරන ලදී.
- සිදුරුපත් සංකල්පය මේ සඳහා භාවිත කර ඇත.
පැස්කලින් යන්ත්‍රය
- ක්‍රි.ව.1830 දී චාල්ස් බැබේජ් විසින් ගණිතකර්ම කල හැකි හා දත්ත ගබඩා කළ හැකි ඇනලිටිකල් එන්ජින් යන්ත්‍රය නිර්මාණය කරන ලදී.
- වර්තමානයේ භාවිතා වන පරිගනක වල ඇති වියුක්ත ආකෘති (Input-Process-Output) සංකල්පය පළමු වරට මොහු ඉදිරිපත් කරන ලදී.එබැවින් පරිගනකයේ පියා යන විරුදාවලිය මොහු හැදින් වීමට යොදා ගනී.
- ඇනලිටිකල් එන්ජිම සඳහා දත්ත ඇතුලත් කිරීමට වැඩසටහන් සකස් කළ ඇඩා ඔගස්ටා ලව්ලේස් ප්‍රථම පරිගනක ක්‍රම ලේඛ්කාව විය.
චාල්ස් බැබේජ්
ඇනලිටිකල් එන්ජින් යන්ත්‍රය
විද්‍යුත් යාන්ත්‍රික යුගය
- ක්‍රි.ව.1880 දී හර්මන් හොල්රික් සිදුරුපත් සංකල්පය භාවිත කරමින් දත්ත සකසන විද්‍යුත් යාන්ත්‍රික ගණක යන්ත්‍රය නිර්මාණය කරන ලදී.මෙමගින් දත්ත රඳවා ගැනීම හා දත්ත කියවීමට යන්ත්‍රවලට හැකි විය.
- හොල්රික් විසින් ආරම්භ කරන ලදී සමාගමක ප්‍රතිඵලයක් ලෙස වර්තමානයේ ජනප්‍රිය පරිගනක සමාගමක් වන I.B.M.(International Business Machines) සමාගම නිර්මාණය විය.
- ක්‍රි.ව.1939 දී හොවාඩ් එයිකන් විසින් ප්‍රථම ස්වයංක්‍රීය පරිගනක යන්ත්‍රය වන ''ස්වයංක්‍රීය අනුක්‍රම පාලක ගනක යන්ත්‍රය'' නැතහොත් Mark-1 නිපදවන ලදී.
Mark-1
හොවාඩ් එයිකන්
විද්‍යුත් යුගය
- මෙය එක් එක් කාල වකවානුවේදී භාවිතා කල තාක්ෂණය අනුව පරිගනක පරම්පරා 05 යටතේ කතා කරමු;
- පළමු පරම්පරාව(ක්‍රි.ව.1940-1956 දක්වා),රික්තක නල භාවිතය (Vacuum Tube)
ENIAC
ADVAC
UNIVAC
2.දෙවන පරම්පරාව(ක්‍රි.ව.1956-1964 දක්වා),ට්‍රාන්සිස්ටර් භාවිතය
IBM-1401
IBM-1402
IBM-7090
IBM-7094
IBM SYSTEM/360
SABRE
4.සිව්වන පරම්පරාව(ක්‍රි.ව.1972-වර්තමානය දක්වා),ක්ෂූද්‍ර සකසන (Micro Processer)
IBM PC LISA(APPLE)
LAPTOP,PC,PALMTOP.....
5.පස්වන පරම්පරාව(වර්තමානයේ සිට ඉදිරියට),කෘතිම බුද්ධිය
IBM-1401
EDVAC
ENIVAC
IBM PC LISA
IBM SYSTEM/360
DESKTOP
LAPTOP
PALMTOP
එහෙනම් යාලුවනේ මම යනවා මම දිගටම මේ වගේ පාඩම් ලියන්නත් බලපොරොත්තු වෙනවා.ඒකට මට ඔයාගේ සහයෝගය ඔනි වෙනවා.මාව තවත් දිරිමත් කරන්න ඔයාලට පුලුවන්.පොඩි දෙයයි තියෙන්නේ.මේ ගැන හිතුන දේ Comment කරන්න.ඒ වගේම අඩු පාඩු තියනවන්ම් කියන්න.ඒ හොදටම ඇති.මම ගියා.BYE!!! :D
0 comments:
Post a Comment